Friday, January 30, 2026
Follow Us
එජාප ආසන සංවිධායකයින් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ වෙයි

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ඊයේ (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ආරම්භ විය.

ආසන සංවිධායකධූර වෙනුවෙන් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ වෛද්‍යවරු, නීතිඥවරු, විද්වතුන් පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන් ගණනාවක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඉදිරියේ පෙනී සිටියහ.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න හා කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්විනි.

සම්මුඛ පරීක්ෂණ ඉදිරියේ දි තවදුරටත් පැවැත්වීමට නියමිතය.

LNW