Friday, January 30, 2026
Follow Us
සයිටම් යළි අරඹයි

අවූරුදු දෙකකට පස්සේ සයිටම් එකට දුන් තීන්දුව


සයිටම් ආයතනය නීත්‍යානුකූල ආයතයක් බවටත් උපාධිය නීත්‍යානුකූල බවටත් නඩු තීන්දුවක් ලැබී ඇති හෙයින් එම විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරිමට හැකියාවක් ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවැසීය. (01දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“මහින්ද රජපක්ෂ රජය සමයේ උසස් අධ්‍යාපන ඇමති ලෙස සයිටම් විශ්වවිද්‍යාල ආරම්භ කළේ මමයි. වෛද්‍යවරුන්ගේ විරෝධය, වෛද්‍ය සංගමයේ විරෝධය, සිසුන්ගේ විරෝධය මේ සියල්ල මැඩ පවත්වගෙන අපි සයිටම් එකේ කටයුතු අරගෙන ගියා.

ඒ අරගෙන ගියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ. මෙහි පළවෙනි බැච් එක එළියට එනකොට යහපාලන රජය සමයේදී කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්‍ය සභාව මේ දරුවන්න ප්‍රතික්ෂේප කළා.

ඒ වෙලාවේ මේ පනතේ නීතියක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යවරයාට පුළුවන් නියෝගයක් දෙන්න වෛද්‍ය සභාවට මේ අය ලියාපදිංචි කරන්න කියලා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මැතිතුමා ඒ වෙලාවේ ඒක කළේ නෑ.

ඒ නිසා ළමයි උසාවි ගියා.අවුරුදු දෙකක් කල් ගියා. ඒ අවුරුදු දෙක ඇතුලේ සයිටම් එක විශාල අර්බුදයක හිටියේ. ඒ නිසා සයිටම් එක කඩා වැටුණා. අවුරුදු දෙකකට පස්සේ නඩු තීන්දුව දුනනේ සයිටම් එක නීත්‍යානුකූලයි. උපාධිය නීත්‍යානුකූලයි කියලා.

දැන් ඒ දරුවෝ වෛද්‍යවරු. ඕන කෙනෙකුට අද පුළුවන් සයිටම් එක පටන් ගන්න. තමුන්නාන්සේලා සූදානම් අපි සයිටම් එක පටන් ගමු”

Aruna