Friday, January 30, 2026
Follow Us
උද්ධමනය අඩු වුණේ කොහොමද? - ආණ්ඩුවෙන් උත්තර

ඉකුත් සමයේ මුදල් මුද්‍රණය කර ඇත්තේ ණය ගෙවීම වැනි කාරණා සදහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.

කෙසේවෙතත් උද්ධමනය අඩු වී ඇත්තේ බැංකු පොලී අනුපාතය වැඩි කිරීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ අධ්‍යාපන, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබද විවාදය පැවැත්වීමට නියමිතයි.

Neth