Friday, January 30, 2026
Follow Us
වැඩි ආදායම් අයටත් සමෘද්ධි

රට තුළ සහනාධාර බෙදීයාමේ විෂමතාවයක්


රට තුළ සහනාධාර බෙදීයාමේ විෂමතාවයක් පවතින බව ජාතික සභා අනු කමිටුවේ සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඒ එම අනු කමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එහිදී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ලෝක බැංකු සමීක්ෂණවලට අනුව මෙරට ඉහළම ආදායම් ලබන 20%ක් වන පිරිසගෙන් 12% කට සමෘද්ධි ඇතුළු ආණ්ඩුවේ සහනාධාර ලැබෙන බවත් රටේ පහළම ආදායම් ලබන 20% න් උක්ත සහනාධාරය ලැබෙන්නේ 49%කට පමණක් බව අවධාරණය කළේය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවී ඇති බව සඳහන් කළ සභාපතිවරයා පැවසුවේ දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන 2,200 පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ යෝජනා මාලවක් සිය වාර්තාවේ අන්තර්ගත කොට ඇති බවය.

Aruna