හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී නැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.
අදාල ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත ජනවාරි මස 19 වනදා කැඳවීමටයි එහිදී නියෝග කළේ.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් එම නඩුව ගොනු කර තිබෙනවා.
ඒ, හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිවයි.
Neth