Friday, January 30, 2026
Follow Us
අය කර නොගත් බිලියන 200ක බදු ආදායම් ගැන කෝපා කමිටුව වාර්තාවක් කැදවයි

මෙම වසරේ ජූනි මස 30 වනදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් බිලියන 773ක් බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා.

එම මුදලින් රුපියල් බිලියන 201ක් කිසිදු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හදුනාගෙන ඇති අතර අනෙක් රුපියල් බිලියන 572ක මුදල යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවයි එම කමිටුව හමුවේ අනාවරණ වී ඇත්තේ.

කිසිදු ගැටලුවකින් තොරව අය කර ගත හැකි රුපියල් බිලියන 201ක හිඟ බදු මුදල මෙතෙක් අය කර නොගැනීම පිළිබදව කමිටුව හමුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එහිදී අදාළ නිලධාරීන් පවසා ඇත්තේ එම මුදල් දැනටමත් කොටස් වශයෙන් අයකර ගැනීමට කටයුතු කරමින් ඇති බවයි.

හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකර ගත හැකි ආකාරය පිළිබද දින වකවානු සහිතව තොරතුරු රැගත් වාර්තාවක් කමිටුව වෙත ලබාදෙන ලෙසයි කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් එහිදී අදාළ නිලධාරීන් වෙත නිර්දේශ කර ඇත්තේ.

Neth