Friday, January 30, 2026
Follow Us
ඩයනාට අභියාචනාධිකරණයෙන් නොතීසි

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරිය ඇතුළු වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

Neth