Friday, January 30, 2026
Follow Us
ලබන ජනවාරියේ ස්වාධීන කොමිෂන් සභා ඉවරයි: ඡන්ද කොමිසමත් ඒ අතර

ලබන මාසයේ (දෙසැම්බරයේ) නව ව්‍යවස්ථාදායක සභාව පත්වීමත් සමඟ දැනට පවතින ස්වාධීන කොමිෂන් සභා 7 අහෝසි කර නව කොමිෂන් සභා 7ක් පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා 7 වෙනුවට අලුතෙන් කොමිෂන් සභා පත් කෙරෙන්නේ පසුගියදා සම්මත වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුවය.

මෙම ඇතැම් කොමිෂන් සභා සඳහා දැනට ඒවායේ සිටින සාමාජිකයන්ම පත්වීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.

කෙසේවුවද, කොමිෂන් සභා බහුතරයකට නව කොමසාරිස්වරුන් පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.

ඉදිරි පළාත් පාලන ඡන්දයේ මෙහෙයුම් කටයුතු දැනටමත් ස්වාධීන මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර තිබේ.

එම කොමිසමද ජනවාරියේ අහෝසි වන කොමිෂන් සභා අතර වීම විශේෂ කරුණකි.

Mirror