අයවැය 03 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වනවා. ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු වැය ශීර්ෂ 19 ක් අද විවාදයට ගැනීමට නියමිතයි.
අද සිට දෙසැම්බර් මස 08 වනදා දක්වා දින 13ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි. සෑම දිනකම පෙරවරු 09 යි 30 ට අයවැය විවාදය ආරම්භ වන අතර රාත්‍රී 07 දක්වා එම විවාදය පැවැත්වෙනවා.
මේ අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ සම්මත වූණේ වැඩි ඡන්ද 37 කින්.
Neth