තමා කිසිවිටෙකත් ජනතාව අතහැර පළා ගියේ නෑ
සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසයි.
ප්‍රශ්න අභියෝගවලට මුහුණ දීම ප්‍රතිපත්තිය බැවින් කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තියෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමගයි. එවැනි උපායමාර්ගීක සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම ඉතා වැදගත්…..
යහපාලන ආණ්ඩුව අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක රටටත් මේ සභාවටත් රහසක් නෙමෙයි. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා. වගකීම් අරන් කරන්න කිව්වහම බෑ කියනවා. ඒ අය කැමති හැමදාම ජනප්‍රිය පැත්තේ ඉන්න. අපිට ඒ වගේ වීරත්වයක් වැඩක් නෑ. ප්‍රශ්න අභියෝගවලට මුහුණදෙන එක අපේ ප්‍රතිපත්තිය. ඒ නිසා අපි මේ මොහොතේ ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ. එහෙම යන්නෙත් නෑ. අපි රට භාරගත්තේ ණය කන්දක් මැද. එහෙම අරගෙන අද වෙනකල් දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහාය දීලා තියෙනවා. ඉදිරියටත් එකේ වෙනසක් වෙන්නේ නෑ.”
https://youtu.be/kJAL5Ex5PFg