Friday, January 30, 2026
Follow Us
චන්ද්‍රිකා,නිමල් සිරිපාල ඇතුළු පිරිසකට ශ්‍රීලනිප දොර වැසෙද්දී තනතුරු රැසක් අලුත් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසේ ශ්‍රීලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, (21) පස්වරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයද මහින්ද අමරවීර මහතාගෙන් ඉවත්කර තිලංග සුමතිපාල මහතාට ලබාදී ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අරඹමින් තවත් තනතුරු රැසකට නව පත්වීම් සිදුකර තිබෙන බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

LNW