අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, හත්වන දිනටත් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුවයි.
ඒ අනුව අද පස්වරු 5ට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අද පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.
ජාතික ජනබලවේගයද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවා.
Neth