Friday, January 30, 2026
Follow Us
ඉතිහාසේ පළවෙනි වතාවට තෙල් මිලදී ගැනීමේදී සිංගප්පූරු අගයට එකතු කළ අගය ඩොලර් 30 වෙලා!

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලින් තෙල් මිලදී ගැනීමේදී ජාත්‍යන්තර මිල නිර්ණායකයක් වන “සිංගප්පූරු අගයට එකතු කළ අගය” කිසි දිනක ඇමරිකානු ඩොලර් 04 ඉක්මවා නැති බවත්, ගතවූ මාස කිහිපය තුළ තෙල් මිලදී ගැනීමේදී ඉතිහාසයේ පළමු වරට සිංගප්පූරු අගයට එකතු කළ අගය ඇමරිකානු ඩොලර් 30 වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) දින මීරිගම පැවති ජාතික ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ලෝක වෙළඳපොලෙහි තෙල් මිලදී ගැනීමේ ජාත්‍යන්තරව පිළිගත් මිල වන සිංගප්පූරු අගයට එකතු කළ යම් අගයක් හෙවත් “ප්‍රීමියම්” එකක් මත තෙල් ලබා දීමට තෙල් සමාගම් එකඟ වන අතර, මෙම ප්‍රීමියම් අගය ඩොලර් 01 – 02 වැනි ප්‍රමාණයක් ද සහිත ව විවිධ සමාගම් තෙල් ලබා දීමට ඉදිරිපත්වන බව පැවසූ ඒ මහතා, ශ්‍රී ලංකාව තෙල් මිලදී ගන්නා විට මෙම අගය ඉතිහාසයේ කිසිඳු දිනක ඩොලර් 04 ඉක්මවා නැතිව ඇති බවත් ඒ මත බැරල් ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇති බවත් පැවසීය.

LNW