Friday, January 30, 2026
Follow Us
රටේ ප්‍රශ්න විසඳාගන්න නව ජනවරමකින් නව ආණ්ඩුවක් ඕනෑ – අනුර

රටේ ප්‍රශ්න විසඳාගැනීමට නම් නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

“දැන් රනිල් වික්‍රමසිංහ ආවාට පස්සෙ සමහර අය හිතනවා එදා තෙල් පෝලිම තිබ්බට දැන් තෙල් පෝලිම නෑනෙ, ගෑස් පෝලිම තිබ්බා දැන් ගෑස් පෝලිම නෑනෙ, රනිල් වැඩේ විසඳලානෙ කියලා. මතක තබාගන්න, විසඳලා නෑ. අප්‍රේල් 12 වෙනිදා ඉඳලා මේ වෙනකොට ලෝකයට පොලු තියලා තියෙනවා ඩොලර් කෝටි 320ක්. රුපියල් කෝටි 116,000 ක්. විදෙස් ණය විතරක් ඉදිරි වසරේ ගෙවන්න තිබෙන ප්‍රමාණය ඩොලර් කෝටි 650 යි. මේ ව්‍යසනයේ පීතෲවරු රනිල් වික්‍රමසිංහලා. මේක විසඳන්න නව ජනවරමකින් නව ආණ්ඩුවක් ඕනෙ. පගාව නැති රටක් ගොඩනඟන්න බෑ අටවාගන්න ජනාධිපතිලාට”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) බදුල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

LNW