ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම ලබන 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, එම පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අනේවාසික තැනැත්තියක් බවත් ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති ඇය මෙරට වගකිවයුතු ධුරයක් දැරීම නීතියට පටහැනි බවත් සඳහන් කළා.
එබැවින් එම පෙත්සම හදිසි කටයුත්තක් සේ සලකා එහි කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරයා එහිදී ඉල්ලීමක් කළා.
Neth