Friday, January 30, 2026
Follow Us
බැසිල් දිවයිනට

බිම් මට්ටමෙන් වැඩ පටන් ගැනීමේ සූදානමක්


හිටපු මුදල් අමාත්‍ය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු පැවසුවේ ලබන ඉරිදා (20) බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණෙනු ඇත බවයි.

පසුගිය කාලයේ පැවති දේශපාලන අර්බුද අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විය.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂගේ පැමිණීමෙන් පසුව අයවැය ඡන්දය සම්බන්ධයෙන් සහ පොදුජන පෙරමුණ ප්‍රතිව්‍යුහගත කර බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Aruna