Friday, January 30, 2026
Follow Us
තිලංගට අර්ජුනගෙන් කෝටි ගාණක වන්දියක්

අර්ජුන රණතුංගට අධිකරණයෙන් නියෝගයක්


2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේයැයි සදහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය, තිලංග සුමතිපාල වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංගට (17) නියෝග කළේය.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල සුදුසු පුද්ගලයකු නොවන සදහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංගගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

අදාළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාලට විශාල අගතියක් සහ අපහාසයක් සිදුවී ඇති බව සදහන් කරමින් මෙම නඩු තීන්දුව අභියාචනා මහාධිකරණ විනිසුරුවන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

Aruna