ඩයනාට දුන් නියෝගය
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (17) නියෝග කළේය.
එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයක් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළේය.
නඩුවට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයකට මෙවැනි නියෝගයක් ලබාගැනීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එබැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සහ සමගි ජන බලවේගයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද විරෝධය පළකර සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 15 වන දා ප්‍රකාශයට පත් කරන බවය.
එතෙක් විදේශ ගමන් තහනම දීර්ඝ කරන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර ලෙස ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී එම කරුණු ඉදිරිපත් කිරීම සිදුවුණි.
Aruna