Friday, January 30, 2026
Follow Us
දැන් තිබෙන නිවුමෝනියාවට බෙහෙත් නොදී වසර දහයකින් හැදෙන හෙම්බිරිස්සාවට බෙහෙත් හොයල වැඩක් නැහැ

2023 වසර සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය වාර්තාව තුළ වර්තමානයේ පවතින ආර්ථික ප්‍රශ්නයට විසඳුම් දී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඒ, (16) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

අද පවතින නිවුමෝනියාවට බෙහෙත් නොදී වසර දහයකින් පමණ හැදෙන හෙම්බිරිස්සාවට බෙහෙත් හොයා පලක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සංකල්පයක් ලෙස දීර්ඝ කාලීන සැලසුම් සඳහා අයවැය තුළ හොඳක් පැවතියද මේ මොහොතේ ප්‍රායෝගික ප්‍රශ්නයට එමඟින් විසඳුම් දී නැති බවත් විපක්ෂයක් ලෙස මෙයට විරුද්ධ විය යුතු බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

LNW