Friday, January 30, 2026
Follow Us
පුද්ගලයින් 15කට එක් රාජ්‍ය සේවකයෙක් - ලක්ෂ 6ක් රාජ්‍ය සේවයෙන් අඩු කරන්න යෝජනා

මෙරට සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.

අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පුද්ගලයින් 15දෙනෙකු වෙනුවෙන් එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සේවයට බදවා ගෙන ඇති බවයි. මෙලෙස රාජ්‍ය සේවකයන් වැඩි වී ඇත්තේ දේශපාලන පත්වීම් හේතුවෙන් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

රාජ්‍ය සේවකයන් වැඩිවීමට තමන්ද දායක වූ බවයි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තෙවන දිනය අදයි. උදෑසන 9යි 30 සිට පස්වරු 5 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Neth