Friday, January 30, 2026
Follow Us
ඡන්දය කැදවන ළගම දිනය ගැන පළමු වරට අනාවරණයක්

යම් දෙයක් පිළිබද විවේචන සිදු කරන්නේ නම් ඒ පිළිබද නිවැරදිව සොයා බලා විවේචනය කළ යුතු බව සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහුගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිෂන් සභාව පත් කෙරුණේ මැතිවරණ පැවැත්වීම කල්දැමීමේ අරමුණින් බවට විවිධ පාර්ශ්ව කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් එහි සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීමට සීමා නීර්ණ කොමිෂන් සභාවෙන් කිසිදු බාධාවක් නොමැති බවයි එහි සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් විපක්ෂයේ දේශපාලඥයින් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් දිගින් දිගටම චෝදනා කරන්නේ ආණ්ඩුව මැතිවරණ කල් දැමීමේ සූදානමක පසුවන බවයි. සීමා නීර්ණය ඊට හේතුවක් කරගනු ඇති බවටද ඔවුන් චෝදනා කරනවා.

Neth