මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය.
ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දා පැවැත්වීමට නොහැකි බව මේ වනවිට විවිධ මත පළ වේ.
මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට කොමිසමක් පත් කිරීමෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දාට පෙර පැවැත්වීමේ කිසිදු බාධාවක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය දා පැවසීය.
Aruna