පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් 15 මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක නිරත වුණා. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එම සාකච්ඡාවට එක් වුණා.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම නියමිත කාලවකවානුව තුළ පවත්වන බව මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහිදී ප්‍රකාශ කළ බවයි.
Neth