Friday, January 30, 2026
Follow Us
මැති ඇමතිවරුන් පිරිසකට අලුත් පත්වීම්

නව පත්වීම් ලැබූ අමාත්‍යවරු මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් පිරිනමා ඇත.

මෙලෙස ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත්වීම් ලබාගෙන ඇත්තේ අමාත්‍යවරුන් වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහිත අබේගුණවර්ධන, කරුණාදාස කොඩිතුවක්කු, එස්.එම.චන්ද්‍රසේන, නාලක බණ්ඩාර කොට්ටෙගොඩ, පවිත්‍රා වන්නිආරච්චි, නිපුන රණවක යන පිරිසකි.

මීට පෙර ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පත්වීම් ලිපි ලබාදුන්නේය.

Aruna