කතානායකවරයාගේ අවසයෙන් ළඟදිම අලුත් වැඩපිළිවෙළක්
කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව වැඩපිළිවෙළක් ළඟදිම අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
රජයේ අයවැය ලේඛනය පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදී ඔහු මෙසේ පැවසුවේය.
“පාර්ලිමේන්තුවටත් මොකක් හරි උදව්වක් කරන්න එපැයි. ඒ නිසා මම කතානායකවරයාගේ අවසරය ඇතිව මුදල් අමාත්‍යාංශ දිනයේදි නිලධාරීන් කැඳවලා අවශ්‍ය ඕනෑම අයෙකුට ආදායම් බදු ලිපිගොනුවක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි රටටම කියනවා වයස 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම ලිපි ගොනුවක් හදාගන්න කියලා. අපි ඒක පාර්ලිමේන්තුවෙන් පටන් ගනිමු. ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිම සකසා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”
Aruna