Friday, January 30, 2026
Follow Us
අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට සිදුවන දේ ගැන සජබය කියයි

ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන හේවාහැටදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය මුදල කඩිනමින් ශ්‍රී ලංකාවට නොලැබුණහොත් ලබන වසරේ කිසිදු රටකින් මූල්‍ය ආධාර නොලැබෙන බවයි.

සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමෙන් සමගි ජන බලවේගය දුර්වල කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Neth