රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග අරුණ වෙබ් අඩවියට සඳහන් කරනවා.
මෙම මන්ත්‍රී කණ්ඩායම අය-වැයට පෙර හෝ ඉන් පසුව ඉතා ආසන්න දිනකදී ආණ්ඩුවට එකතු වනු ඇති බවටයි වාර්තා වන්නේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව සාධනීය හැඟීමකින් පසුවන අතර රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව රාජිත සේනාරත්න පවසා ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම රාජිත සේනාරත්න සමඟ ආණ්ඩුවට එකතුවීමට නියමිතයි
Aruna