රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලා.
අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළා.
එම පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 15 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.
Neth