Friday, January 30, 2026
Follow Us
සරත් ෆොන්සේකාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

මුදලිගේ සහ සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසනීප තත්ත්වයෙන්


වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ ජීවිතවලට කිසියම් හානියක් සිදු වුව හොත් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය ජනතාව විසින් පොළොවට සමතලා කරනු ඇතැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ බව අවධාරණය කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා සිටියේ, රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසු වන බව යි.

මේ අතර, අනතරේ කැඳවුම්කරු සහ සිරිධම්ම හිමියන් රඳවා තැබීම පිළිබඳ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ද අදහස් දැක්වුවා.

මානව හිමිකම් කොමිසම පවා මෙම රඳවා තැබීම වැරැදි බව ප්‍රකාශ කර තිබිය දී මෙසේ ඔවුන් රඳවා තැබීම අසාධාරණ බව යි ඔහු සඳහන් කළේ.

Aruna