Friday, January 30, 2026
Follow Us
ජීවන් තොණ්ඩමන්ටත් කැබිනට් ඇමති ධුරයක් ?

රජය සමග එක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය කැමැත්ත පළ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට තම පක්ෂය කැමැත්ත පළ කර ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් තම පක්ෂයට ලැබෙන කැබිනට් අමාත්‍ය ධුරය කුමක්ද යන්න මත රජයට එකතුවීම පිළිබඳ අවසන් තීරණය ගැනෙනු ඇති බවත් ඒ මහතා දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

LNW