Friday, January 30, 2026
Follow Us
කැබිනට් සංශෝධනයේදී වෙනස් වෙන්න යන ඇමතිකම්

නොවැම්බර් 14 වනදාට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

සිය ඊජීප්තු නිල සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) මෙරටට පැමිණි අතර කැබිනට් සංශෝධනයේ කටයුතු කඩිනමින් සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එහිදී සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, මහාමාර්ග, වනජීවී, කර්මාන්ත, නාගරික සංවර්ධන, ක්‍රීඩා සහ වෙළඳ අමාත්‍ය ධුර සඳහා නව අමාත්‍යවරුන් පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නව අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දීමට නියමිත බවත් වාර්තා විය.

LNW