පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් නොකරන්නේ නම් මැතිවරණ කොමිසමට එරෙහිව නඩු පවරන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ නඩුකරය ගොනු කිරීමට සිය නීතීඥවරුන් කටයුතු කරන බවයි.
දේශපාලඥයින් ඇතුළු ඇතැම් පාර්ශ්ව පෙන්වාදෙන්නේ සීමා නීර්ණය මුවාවෙන් මැතිවරණය කල් දැමීමේ සූදානමක් ඇති බවටයි.
එහෙත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නීර්ණය බාධාවක් නොවන බව සීමා නීර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Neth