Friday, January 30, 2026
Follow Us
අයවැයෙන් ඉන්ධනවලට බද්දක්

ජනවාරි සිට ඉන්ධන මිල ඉහළට


එළැඹෙන අයවැයෙන් ඉන්ධන සඳහා බද්දක් අය කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉන්ධන මිල වැඩිවීමට නියමිත බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදීයි.

“මම අනාවැකියක් කියනවා. ජනවාරි මාසයේ ඉදන් අනිවාර්යයෙන්ම ඉන්ධන මිල වැඩිවෙනවා. ඊයේ පෙරේදා ජනපතිතුමා කිව්වා ජනවාරි පෙබරවාරි වෙනකොට ඉන්ධන මිල වැඩි වෙනවා කියලා.
එතුමා එහෙම කිව්වෙ ඇයි දන්නවද? මේ අයවැයෙන් ඉන්ධනවලට විශාල බද්දක් ගහනවා ජනවාරි මාසයේ ඉදන්. එතකොට ආයේ ඉන්ධන මිල වැඩිවෙලා රටේ සමස්ත දේවල් වල මිල වැඩිවෙලා යනවා.
ඒ නිසා ඉස්සෙල්ලා නිකම් පොඩිවට කියලා දැම්මා ඉන්ධන මිල වැඩිවෙන්න තියෙනවා ජනවාරි පෙබරවාරි විතර වෙද්දි කියලා. ඒ නිසා තමයි මේ ඉන්ධන මිල වෙනස් කරන්නේ නැත්තේ”

Aruna