Friday, January 30, 2026
Follow Us
ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන CIDය ජීවන්ගෙන් ප්‍රශ්න කරයි

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි පිළිබඳ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවීණ සිනමා නළුවෙකු සහ දේශපාලනඥයකු වන ජීවන් කුමාරතුංග මහතාගෙන් ද ප්‍රශ්න කර තිබේ.

එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර ඊයේ (07) දිනයේදී ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.

තිලිණි ප්‍රියමාලි සමග මූල්‍ය ගනුදෙනු කිරීම සහ ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂණය කරන ලද “ජීවා” නමැති චිත්‍රපටයට ඇය විසින් මුදල් යෙදවීම පිළිබඳව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වූයේ.

LNW