කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්ද යන කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඉකුත් සිකුරාදා රැස්වූ සිය කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ එකගතාවට අනුව මෙම තීරණයට එළඹ ඇති බවයි.
මේ අතර පසුගියදා සම්මත වූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව සියලුම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් ව්‍යවස්ථාදායක සභාව මගින් පත් කළ යුතුයි. එලෙස නව සාමාජිකයින් පත් කරන තෙක් දැනට සිටින සාමාජිකයින්ට එම කාර්යයන් සිදු කිරීමට හැකියාව පවතිනවා.
එහෙත් එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින්නේද යන්න සම්බන්ධයෙන්ද නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා නෙත් නිවුස් කළ කරුණු විමසීමේදී වැඩිදුරටත් සදහන් කළේ.
Neth