Friday, January 30, 2026
Follow Us
පාර්ලිමේන්තුවට ආදිවාසි නියෝජනයක්

වන්නිලඇත්තෝ පාර්ලිමේන්තුවට


ආදිවාසි කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.

දඹානේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පවසා සිටියේ, බදුල්ල, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලට, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ආදිවාසී ජනතාව ලක්ෂ 5කට වැඩි පිරිසක් සිටින බවය.

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ ද ආදිවාසී නියෝජනයක් තිබෙන බවත් නේපාලයේ ආදිවාසී පරම්පාරවේ ඇත්තෝ, ඉහළ නිලතල උසුලන බවත් ඔහු පෙන්වා දුන්නේය.

“අපේ රටේ මුල්වරට ආදිවාසී තරුණියක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වුණා. හෙන්නානිගල ජිවත්වන ඇය මගේ ලේලියක්. නමුත් මේ රටේ මුල්ම අයිතිකරුවන් වන පැරණිතම ජන කොට්ඨාසය බවට ගෞරවයට පත්වූ අපේ ඇත්තන්ට තවම පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ.

කාලයක් තිස්සේ මං කතා කරනවා. ආණ්ඩුවට යෝජනාවකුත් ඉදිරිපත් කළා ආදිවාසි ගැටලු ගැන කතා කරන්න. පාර්ලිමේන්තුවේ වෙනම ඇමති කෙනෙක් හරි අමාත්‍යාංශයක් හරි මොකක් හරි ඇති කරන්න කියලා. එහෙම සතියක් දෙකක් යනකොට ආදිවාසීන් වෙනුවෙන් කතා කරන්න කණ්ඩායමක් ඉන්නවා. එකේ බලය තියෙන්නේ දිසාපතිට කියලා කතාවක් තිබුණා. හැබැයි සතියක් දෙකක් යනකොට අමතක කරලා දැම්මා.

විවිධ ජාතීන් ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ කවුරුහරි ඉන්නවා. සමහර ආගම් නියෝජනය කරන අයත් ඉන්නවා. හැබැයි මේ රටේ මුල් අයිතිකරුවන් වන අපේ රැහේ ඇත්තන්ට ඒ අයගේ ගැටලු ගැන කතා කරන්න කවුරුත් නැහැ.

දැනට සංස්කෘතික අමාත්‍යාංශය යතතේ තමයි ආදිවාසින් ගැන බලන්නේ. සංස්කෘති අමාත්‍යාංශය කියන්නේ ආදිවාසීන් ගැන විතරක් හොයන්න තියෙන අමාත්‍යාංශයක් නොවෙයි.

මේ රටේ තවත් බොහෝ කටයුතු කරන අතරතුර තමයි අපේ කටයුතු බලන්නේ. ඒ නිසා අපේ කටයුතු නිතරම අතපසු වෙනවා. ඡන්දයට ඉදිරිපත් නොවුන අය මෙන්ම ඡන්දයෙන් පැරදුන අයත් අපේ රටේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වෙලා තියෙනවා. කොහොම හරි එතැනට එනවා. එහෙමනම් අපේ පරම්පරාවේ කාට හරි අයිතියක් තියෙනවා ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට පත්වෙන්න. එහෙම වෙන්න ඕනේ.”

Aruna