Friday, January 30, 2026
Follow Us
බන්දුල ලෙඩ වෙයි

ජනපති බිරිය කෝච්චියෙන් යාපනේට


ඇමැති බන්දුල ගුණවර්ධන මෙම සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුවකට සහභාගි වීමටය. මෙම සංචාරයේ දී හදිසියේ අසනීප වූ ඇමැතිවරයා රෝහල්ගත කෙරුණි.

කඩිනමින් සැත්කමට භාජනය කළ ඇමැතිවරයාට වෛද්‍යවරු ප්‍රකාශ කළේ සති දෙකක්වත් විවේක ගත යුතු බවයි.

එහෙත් සැත්කමෙන් දිනකට පසු ඇමැතිවරයා එරට ප්‍රවාහන ඇමැතිවරයා හමු වී දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර ගැනීමට එකඟතාවක් ගත්තේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිය වන මෛත්‍රි වික්‍රමසිංහ ඉංග්‍රිසි මහාචාර්යවරියකි.

ඇය ගිය සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගි වීම සඳහා ගමන් කළේ දුම්රියෙනි.

ඒ සිය මිතුරියකද සමගය. කොළඹ සිට දුම්රියෙන් යාපනයට ගිය ඇය යළි කොළඹ බලා පැමිණියේ ද දුම්රියෙන් වීම විශ්ෂත්වයකි.

Aruna