Friday, January 30, 2026
Follow Us
රාජ්‍ය ඇමති ඩයනාගේ පෙත්සමක් යළි කැදවීමට දින නියම වෙයි

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම මාර්තු මස 02 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය 03 නියෝග කළා.

ඒ, එම පෙත්සම ගාමිණී අමරසේකර, ඒ එච් එම් ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එම කොමිසමේ සාමාජිකයන් එකොළොස් දෙනෙකු නම් කර තිබෙනවා.

Neth