Friday, January 30, 2026
Follow Us
සජිත් පුටුවේ ගෞරවය කෙළසලා

සජිත් වෙනුවෙන් එජාපය ශෝකය පළකරයි


සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඊයේ (02) සංවිධාන කර තිබූ විරෝධතා පාගමන අතරතුරදී විපක්ෂ නායකවරයාට පිරිසක් විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පවසනවා.

අරුණ වෙබ් අඩවියට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කලේ මේ වැනි ක්‍රියා තම පක්ෂය හෙළා දකින බවයි.

එමෙන්ම රටේ විපක්ෂ නායකවරයා අනවබෝධයෙන් ළදරුවෙකු සේ හැසිරෙන අකාරය ද තම පක්ෂය අනුමත නොකරන අතර මීළගට එම තනතුර සඳහා තේරී පත්වන පුද්ගලයාට ද එම තනතුරේ ගෞරවය මෙයින් අහිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Aruna