Friday, January 30, 2026
Follow Us
ආණ්ඩුව අසමත් වූ කරුණක් ගැන සජබය පෙන්වා දෙයි

විදෙස් ශ්‍රමිකයන් මගින් උපයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන පහේ සීමාව ඉක්මවා යාමට ආණ්ඩුව අසමත්ව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඉකුත් කාලසීමාවේ රට පරිහානියට ලක්කළ කණ්ඩායම සමග එක්වී ආණ්ඩුව පවත්වාගෙන යාමෙන් රටට යහපතක් නොවන බවයි ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් සම්බන්ධයෙන් සහ සංචාරක කර්මාන්තය බිද වැටීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක එහිදී අදහස් පළ කළා.

Neth