Friday, January 30, 2026
Follow Us
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සුපිරි රියක් සීසර්ලා උස්සලා

කල්බදු ගෙවීම් පැහැර හැරලා ?


කල්බදු ගෙවීම පැහැර හරිමින් සඟවා තැබූ බව කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධනට අයත් ජීප් රථයක් කල්බදු සමාගමක සීසර්වරුන් විසින් රැගෙන ගොස් ඇත.

රියැදුරකු අදාළ ජීප් රථය පදවාගෙන යන බවට ලද තොරතුරකට අනුව දෙහිවලදී මෙම ජීප් රථය නවතා සීසර්වරුන් භාරයට ගෙන ඇතැයි හෙළි වී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පටන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් ගෙවීම පැහැර හරිමින් ජීප් රථය සඟවමින් තිබියදී සීසර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

Aruna