Friday, January 30, 2026
Follow Us
"ගෝඨාභය ගෙදර යැව්ව නාමල්ගේ අපුරූ උපදෙස් " - මන්ත්‍රී චන්න හෙළිකරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය දේශපාලන ගමනේ පරිහානියට පත්වුයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පවුලේ කිහිපදෙනෙකු හේතුවෙන් බව මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

" ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට ගෙන්න විශ්වවිද්‍යාලයේ මහාචාර්යකම් අත්හැරලා වෛද්‍ය වෘත්තීය අත්හැරලා අපි ආවේ. ගෝඨාභය ජනාධිපතිතුමා මුල් මාස කිහිපයේදී අපි කියපු විදිහට වැඩ කළා. පස්සේ අපි කියන දේවල් විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්ව දේවල් වලටත් ඇහුම්කන් දුන්නේ නැහැ. එතුමා ඇහුම්කන් දුන්නේ ඔය නාමල් රාජපක්ෂ සහ ඒ පවුලේ කිහිපදෙනෙකු කියන දේවල් වලට විතරයි. අවසානයේදී මොකක් ද වුනේ ?

Neth