එළඹෙන නොවැම්බර් 02 වනදා ආණ්ඩුවට එරෙහිව කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ගණනාවක් සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් 25 පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්.
සාමකාමී විරෝධතා මර්ධනය ඇතුළු කරුණු 06 ක් මුල්කර ගනිමින් එම ඒකාබද්ධ විරෝධතාව පැවැත්වෙන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් එහිදී කියා සිටියා.
එම මාධ්‍ය හමුවට එක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් පැවසුවේ සිය පක්ෂය ද එම ඒකාබද්ධ විරෝධතාවට සහය ලබාදෙන බවයි.
Neth