Friday, January 30, 2026
Follow Us
අපේක්ෂක වියදම් සීමා කරන පනත් කෙටුම්පත කඩිනම් කරන ලෙස ජනපතිට ඉල්ලීමක්

මැතිවරණ ක්‍රමය සංශෝධනයේ ආරම්භක පියවර ලෙස අපේක්ෂක වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එම පනත් කෙටුම්පත සදහා මේවනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බැවින් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි.

මැතිවරණ ක්‍රමය කුමන ආකාරයකින් සංශෝධනය වුවත් අපේක්ෂක වියදම් සීමා කිරීම නොකළහොත් එම මැතිවරණ සංශෝධන ඵල රහිත වනු ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සදහන් කළේ.

Neth