ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියක් ගෙන ඒමට පෙර එක් පුරවැසිභාවයක් අහෝසි කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ද්විත්ව පුරවැසියන් රාජ්‍ය පාලනයට එක්වීම වැරදි ක්‍රියාවක් බවයි.
සමගි ජනබලවේගය තුළ ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු නොමැති බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිළිබඳ සොයා බලා තීරණ ගැනීම රජය සතු වගකීමක් බවයි නාවලපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
Neth