Friday, January 30, 2026
Follow Us
අවුරුදු 20කට පසු හිනිදුම්පත්තුවේ බලයත් සමගි ජන බලවේගයට !

ගාල්ල – හිනිදුම, හිනිදුම්පත්තුව සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත් වී තිබේ.

එහි සභික ධුර 99 අතරින් 52ක්ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව ඇති අතර ප්‍රාදේශික 36න් 31කම බලය හිමිකර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇති බව සඳහන්.

හිනිදුම්පත්තුව සමූපකාර සතියේ බලය වසර 20කට වැඩි කාලයක්ම පැවතුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ය.

මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රදේශවල පැවති සමූපකාර නිලවරණ අතරින් 98%ක් පමණම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව සිටී. රටේ ජනතාව අතර බිම්මට්ටමේ රැල්ල පවතින්නේ කවුරුන් වෙතද යන්න මින් මනාව පෙන්නුම් කෙරේ.

LNW