Friday, January 30, 2026
Follow Us
මහින්ද ඇතුළු පිරිසක් ඡන්ද විමසීමට නොඑති

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ඇවිත් නෑ


22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත (21) වැඩි ඡන්යෙන් සම්මත් විය.

කෙසේවෙතත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

එලෙස නොපැමිණි මන්ත්‍රිවරු අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විය.

එලෙස නොපැමිණි මන්ත්‍රිවරුන් අතරට,

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් ඇතුළත් ය.

මේ අතර, කාරක සභා අවස්ථාවෙන් අනතුරුව තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173 ක් හිමි විය.

එයට විරුද්ධව ඡන්දය භාවිත කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි.

Aruna