22 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ විවාදය අද දිනයේද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. 22 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදෙන බවට දැනටමත් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර අවසන්.
එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරන මතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බොහෝදුරට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවයි.
මේවනවිට රට මුහුණදී ඇති ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ආර්ථික අර්බුදයයි. එබැවින් 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් රටේ ආර්ථික ප්‍රශ්නවලට උත්තරයක් ලැබෙයිද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයින්ගෙන් විමසීමක් කළා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ පැවසුවේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තරයට යහපත් පණිවිඩයක් ලැබෙනු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ එමඟින් ණය ලබාගැනීමේ කටයුතුවලට ද යම් සහනයක් ලැබෙනු ඇති බවයි.
කෙසේවෙතත් ආර්ථික අර්බුදයට විසදුමක් සෙවීමේදී ව්‍යවස්ථා සංශෝධන හරහා ඊට මාවතක් විවර නොවන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු නෙත් නිවුස් වෙත පැවසුවේ.
මේ අතර 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කරුණු සම්බන්ධයෙන් නෙත් නිවුස් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් විමසීමක් කළා. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ සාධනීය ලක්ෂණ රැසක් දක්නට ඇති බවයි.
Neth