Saturday, January 31, 2026
Follow Us
විශ්වවිද්‍යාල පර්යේෂණවලට ලැබෙන මුදල්වලටත් බද්දක් වැටෙන ලකුණු

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන 22 වන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇතැයි වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහය දිය නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාටද දැනුම්දී ඇති බවයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී ගෙන ඒමට නියමිත සංශෝධන අද දිනය තුළ ගෙන ආ යුතු බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සදහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කරුණු මත පදනම්ව ඊට සහය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවයි.

මේ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ මහපොළ ශිෂ්‍යත්වය වැඩි කිරීමට අවදානය යොමුව ඇති බවයි. බදු සංශෝධන යටතේ මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්ය, මහාචාර්යවරුන්ට පර්යේෂණවලින් ලැබෙන මුදල් වලින්ද බද්දක් අය කර ගැනීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මෙහිදී ප්‍රකාශ කළා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්.

අමාත්‍යවරයා සදහන් කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර ලෙස ලැබෙන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කථානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම්දුන්නා. අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව එය සම්මත කළ යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

Neth