Saturday, January 31, 2026
Follow Us
ප්‍රියමාලිගේ ගණුදෙනුවලට සම්බන්ධයක් නෑ

නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්


තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී  (19) පැවසීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ පැවසුවේය .

තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැතිසබයේදී ප්‍රකාශයක් කළ බවත් තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළේය.

තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා කීවේය.

මුදල් විශුද්ධිකරණය ගැන මහ ඉහළින් කතා කරන මන්ත්‍රීවරුන් කළ යුත්තේ එවැනි ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ දේශපාලනඥයන්ට එපමණ මුදලක් ලැබුණේ කෙසේදැයි සෙවීම මිස තමාට හෝ තම පවුලට මඩ ගැසීම නොවන බවද ඔහු පැවසීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna